මාතලේ දුම්රිය ස්ථානයේ ඇරඹි නිදහස් පුස්තකාලය
මාතලේ දුම්රිය ස්ථානයට වසර 137 ක් සපිරීම නිමිත්තෙන් මාතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමාගේ මුලිකත්වයෙන් සහ මාතලේ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය විසින් මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරන මගීන් වෙනුවෙන් නිදහස් පුස්තකාලයක් ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා.
එම පුස්තකාලය මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරනු ලබන ඔනෑම පුද්ගලයෙකුට කියවීම සඳහා පොත් ලබාගත හැකි වන අතර පරිත්‍යාගශීලි ඕනෑම කෙනෙක් හට තමන් භාවිත නොකරන ලද පරණ පොත් ඇතිනම් මාතලේ දුම්රිය ස්ථානයේ මෙම පුස්තකාලයට ලබා දියහැකි වේ.
දැනට මෙම නිදහස් පුස්තකාලයේ පොත් 300කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඒ සඳහා හොද ප්‍රතිචාර රැසක් මේ වනවිට දුම්රිය මගියන්ගෙන් ලැබී තිබේ. මීට පෙර අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙන්ම කොට්ටාව දුම්රිය ස්ථානයේ මෙලෙස දුම්රිය භාවිත කරන මගීන් වෙනුවෙන් නිදහස් පුස්තකාල ආරම්භ කෙරුණි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල මාතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමා වන වික්‍රමතිලක මහතාටත් මාතලේ දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයටත්, මේ සඳහා පොත්පත් ලබාදුන් සියලුම දෙනාටත් විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි..
සටහන ,ජායාරූප : ශශින් විජේතුංග