Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්

දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන් ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත් විණි.

එම සාකච්ඡාව අසාර්ථක වූ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – AdaderanaLK
2018-08-24

single