කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක්
” කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක් “
” සුරකිමු දුම්රිය ” සංවිධානය සමඟ දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සියළු දුම්රිය හිතැති මඟීන්ගේ එකමුතුවෙන් මෙම මස 08 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට මරදාන දුම්රිය පරිශ්‍රය තුලදී ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව එම දින මරදාන දුම්රිය පරිශ්‍රය, මරදාන සිට දෙමටගොඩ දක්වා දුම්රිය මග දෙපස හා දුම්රිය වේදිකාවන් ආවරණය වන පරිදි මෙම ශ්‍රමදානය පැවැත්වීමට නියමිතය.
මරදාන දුම්රිය ප්‍රධාන වේදිකාව හා කැළණිවැළි මාර්ගයට ප්‍රවේශ වන පෞරාණික මගී පාලමද විසිතුරු මල් පැළ වලින් ආවරණය කරමින් අලංකරණය කිරීමක් සහ මෙයට සමගාමීව මරදාන දුම්රිය ස්ථානය නිදහස් පුස්තකාල පහසුකම් වලින් යුතු පරිශ්‍රයක් බවට පත්කිරීමද එදින සිදු වේ.
මෙම වැඩසටහන සඳහා ඔබ සැමට අප ආරාධනා කර සිටින්නෙමු…!