Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නව දුම්රිය මැදිරි ධාවනයට එක් කෙරේ

නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් S8 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් අද සිට කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ එම දුම්රිය අද පස්වරු 4.00 ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට නියමිත බවයි. දුම්රිය මැදිරි නවීකරණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 70 කි. ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිදුන් ගේ සුරතින් හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුලු සම්භාව්‍ය අමුත්තන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

2018-11-17
#RDMNS24

single