Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රියන් – ශ්‍රීපාද වන්දනා සමය 2019

ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් දුම්රියෙහි ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා 2019-02-01 සිට 2019-04-21 දක්වා කාලය තුල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නානු ඔය දුම්රිය ස්ථානය දක්වාත් නානු ඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත් ඉහත සඳහන් දින වලදී විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

එම විශේෂ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07.30 ට ගමන් අරඹන අතර ප.ව.01.38 ට නානු ඔය දුම්රිය ස්ථානයට ලඟා වේ.

නානු ඔය සිට ප.ව.05.25 ට ගමන් ආරම්භ කරන දුම්රිය නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පසුදින අලුයම 12.10 ට ලඟා වීමට නියමිතයි.

කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියෙහි කාලසටහන

කොළඹ කොටුව
පෙ.ව.07.30

රාගම
පෙ.ව.07.52

ගම්පහ
පෙ.ව.08.05

වේයන්ගොඩ
පෙ.ව.08.16

මීරිගම
පෙ.ව.08.28

පොල්ගහවෙල
පෙ.ව.08.50

රඹුක්කන
පෙ.ව.09.02

කඩුගන්නාව
පෙ.ව.09.51

පේරාදෙණිය
පෙ.ව.10.07

ගම්පොල
පෙ.ව.10.26

නාවලපිටිය
පෙ.ව.10.53

හැටන්
ප.ව.12.10

කොටගල
ප.ව.12.23

තලවාකැලේ
ප.ව.12.40

වටගොඩ
ප.ව.01.07

ග්‍රේට් වෙස්ටර්න්
ප.ව.01.19

නානු ඔය
ප.ව.01.38

විමසීම් admin@rdmns.lk ඊමේල් ලිපිනයෙන් හෝ ප්‍රධාන මෙනුවේ ඇති Submit News පහසුකම හරහා ඇතුලත් කරන්න.

සැකසුම
RDMNS News Team

single