Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන නැවත වරක් සංශෝධනය වේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන නැවත වරක් සංශෝධනය වේ.

ඒ අනුව උතුරු මාර්ගයේ මහව සන්ධිය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා මෙතෙක් ධාවනය වූ 857 දුම්රිය (මහව කාර්යාල දුම්රිය) අද දින (26) සිට මුහුදුබඩ මාර්ගයේ මොරටුව දුම්රිය ස්ථානය දක්වා පහත පරිදි දිගු කෙරේ.

කොළඹ කොටුවෙන් පිටත්වීම
පෙ.ව. 7.46

මොරටුව වෙත ලගා වීම
පෙ.ව. 8.25

මොරටුව සිට මරදාන දක්වා ධාවනය – පෙ.ව. 8.40

එලෙසින්ම ,

ප.ව. 5.10 ට මරදාන දුම්රිය ස්ථානයේ සිට වාද්දුව දුම්රිය ස්ථානය දක්වා මෙතෙක් ධාවනය වූ දුම්රිය අද සිට දකුණු කලුතර දක්වා දීර්ඝ කර ඇත.

ප.ව. 5.10 ට – මරදානෙන් පිටත් වීම
ප.ව. 6.37 ට – දකුණු කලුතරට ලගා වීම

ප.ව. 6.45 ට – දකුණු කලුතරින් පිටත් වීම
රාත්‍රී 8.10 ට – මරදානට ලගා වීම

මේ අතර, නැගෙනහිර දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ ද නව දුම්රිය ගමන් වාර කීපයක් ඉදිරි සති කිහිපයක දී ආරම්භ කිරීමට ද නියමිතව ඇත.

2019-03-26

single