Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

තෛපොංගල් උත්සවය හා සති අන්ත දීර්ඝ නිවාඩුවට බදුල්ලට විශේෂ දුම්රිය සේවා

තෛපොංගල් උත්සවය හා සති අන්ත දීර්ඝ නිවාඩු නිමිත්තෙන් මගීන්ගේ පහසුව සදහා යොදවා ඇති මෙම විශේෂ දුම්රිය 2020 ජනවාරි මස 09, 10, 12 සහ 14 යන දිනවල ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.35 ට පිටත්වන දුම්රිය අළුයම 04.43 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08.30 ට පිටත්වන දුම්රිය අළුයම 05.27 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වේ.

S- 12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියන් මේ සදහා යොදා ඇති අතර කලින් ආසන වෙන් කිරීමේ පහසුම් සලසා ඇති බවට තව දුරටත් වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

සැළකිය යුතුයි..

o – පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

o – දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

o – දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

o – ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

o – ඡායාරූප ලබා ගැනීමේ දී තමාගේ හා අන්‍යයන්ගේ ජීවීතාරක්ෂාව අවදානමකට ලක් නොවන බවට සුපරීක්ෂාකාරීවන්න

#SLR #SpecialTrainUpdate #LongWeekeng #Badulla #RDMNS
2020-01-09

single