Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශ්‍රාමිකයන් වෙනුවෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන්කරවාගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදේ

විශ්‍රාමිකයින්ට සෘජුවම දුම්රිය ස්ථානවලින් අද සිට නිදහස් ගමන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සඳහා පහසුකම් සැළසීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, විශ්‍රාමිකයින් වෙත උසස් සහ කඩිනම් සේවයක් ලබාදීමේ අරමුණිනි.

මින් පෙර පැවති ක්‍රමයට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගන්නා නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර අයැදුම්පත, සම්පූර්ණ කිරීමේන් අනතුරුව නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කොට නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වේ.

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර විශ්‍රාමිකයින්ගේ තොරතුරු ඇතුළු සියලු දත්ත දුම්රිය දේපාර්තමේන්තුව යටතේ මේ වනවිට පරිගණක ජාලගත වී ඇත.

මෙහි නියමු ව්‍යාපෘතිය අද (02-19) දිනයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

Source – NewsFirstLK
Images – C.B.Rathnayake Facebook Page
#Rdmns

single