Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පෞද්ගලික සහ රාජ්‍ය සේවකයින් වෙත විශේෂ දැනුම්දීමයි !

2020.05.13 දින සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවය කරන සේවකයින්ට තම සේවා ස්ථාන වෙත ගමන් කිරීම සදහා සේවා හැඳුනුම්පත හෝ අත්‍යවශ්‍ය සේවා අවසර පත්‍රය, දුම්රියේ ගමන් කිරීමට අවසර පත්‍රයක් ලෙස භාවිතා කල හැක.

මගීන් තම තොරතුරු (නම / ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය) දුම්රිය ස්ථානයේ ඇති සටහන් පොත තුල අනිවාර්යයෙන්ම සටහන් කල යුතු අතර, ආසන වෙන් කරගත් මගියෙකු නොපැමිණි විටකදී එම දුම්රිය ආසනය එම දුම්රිය ස්ථානයේදී හෝ ඊට පසුව තිබෙන දුම්රිය ස්ථානය තුලින් වෙන් කර ගත හැකි වේ.

> ඒ අනුව වේලාසන දුම්රිය ස්ථානය වෙත පැමිණීමට ඔබ වග බලාගන්න

> දුම්රිය මාර්ගයට කෙල ගැසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

> මීට අමතරව සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමට වගබලාගත යුතු වේ.


#RDMNS #NewsFeed
Updated 2020.05.12 | 11.00 PM

single