Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ මාර්ගය

2020.08.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි පහත සඳහන් තාවකාලික සංශෝධනයන් සිදු කර ඇත.

– සතියේ දිනවල පෙ.ව. 05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

– සතියේ දිනවල පෙ.ව. 07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

– සතියේ දිනවල ප.ව. 04/55 ට මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අළුත්ගම සිට නවත්වනු ලබන්නේ ඉඳුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය අම්බලන්ගොඩ, කහව සහ හික්කඩුව යන දුම්රිය ස්ථානවල පමණි.

– සතියේ දිනවල ප.ව. 05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය අළුත්ගම සිට ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වා ධාවනය වේ.

මීට අමතරව,

– පෙ.ව. 03/40 ට ගාල්ල සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය සහ

– පෙ.ව. 05/15 ට අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය

පාසල් පැවැත්වෙන දිනවල පමණක් ධාවනය කෙරේ.

– සවස පානදුර සිට කොළඹ කොටුව සහ හලාවත දක්වා ධාවනය වන මුතුකුමාරි කාර්‍යාල දුම්රිය ප.ව. 05/02 ට පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ

#RDMNS #NEWSFEED
UPDATED ON 2020.08.30

single