Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පොල්ගහවෙල – මහව රේල් බස් රථය නැවතත්

කොවීඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ 4448 දරණ පෙ.ව. 06/15 ට පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා ධාවනය වූ රේල් බස්‍ රථය සහ 4858 දරණ ප.ව. 01/45 ට මහව හන්දිය සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන රේල් බස් රථය 2022/08/08 දින සිට නැවත ධාවනය සඳහා එක් කර ඇත.

පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබූ , පෙ.ව. 06/05 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය 2022/08/08 දින සිට නැවතත් පොල්ගහවෙල හන්දිය සිට මහව හන්දිය දක්වා නවත් වනු ලබන්නේ, පොතුහැර, කුරුණෑගල, මුත්තෙට්ටුගල, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම සහ මහව හන්දිය යන දුම්රිය ස්ථාන වල පමණක් වේ.

#RDMNS #NewsFeed
2022.08.08

single