Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ

මේ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන් කර ඇති අතර මහව – ඕමන්තෙයි අතර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මැදවච්චිය දුම්රිය ස්ථානය අසලදී නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.

මෙම දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව කොළඹ සහ යාපනය අතර දුම්රිය ධාවනයට ගත වූ කාලය පැයකින් පමණ අඩු කරගැනිමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

single