Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

දුම්රිය මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/01/07 දින සිට ධාවනය සඳහා එක්කර ඇත.

මෙම දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් සංශෝධන සිදු කර ඇත.

–මුහුදුබඩ මාර්ගය

ප.ව. 06/10 ට මරදාන – ගාල්ල දුම්රිය නැවතත් ප.ව. 05/45 ට මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

එම දුම්රිය නවත්වනු ලබන්නේ මරදාන සිට බම්බලපිටිය දක්වා මන්දගාමී. එතැන් සිට ගල්කිස්ස, රත්මලාන මොරටුව සහ පානදුර. පානදුර සිට කොස්ගොඩ දක්වා මන්දගාමී. එතැන් සිට අහුන්ගල්ල, බලපිටිය, කන්දෙගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල.

–ප්‍රධාන මාර්ගය

පෙ.ව. 05/12 කොළඹ කොටුව – අඹේපුස්ස මන්දගාමී දුම්රිය පෙ.ව. 03/20 ට අළුත්ගම සිට කොළඹ කොටුව සහ අඹේපුස්ස දක්වා මන්දගාමී ව ධාවනය වේ. (කොළඹ කොටුවෙන් පෙ.ව. 05/12)

ප.ව. 05/40 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව. 06/45 ට රඹුක්කන දක්වා මන්දගාමී ව ධාවනය වූ දුම්රිය නියමිත පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව. 06/35 ට රඹුක්කන දක්වා අර්ධ සීඝ්‍රගාමී ව ධාවනය වේ.

#RDMNS #newsfeed

UPDATED ON 2021.01.06

single