Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – දෙසැම්බර් පාසල් නිවාඩු සමය

දෙසැම්බර් පාසල් නිවාඩු සමය වෙනුවෙන් දෙසැම්බර් 17 වන දින සිට ජනවාරි 2 වන දින දක්වා අංක 1031 සහ අංක 1032 දරණ කොළඹ කොටුව – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය දිනපතා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.
#rdmns #newsupdate #specialtrains

>> දුම්රිය අංක 1031

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීම
පෙ.ව.09.00

මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟාවීම
පෙ.ව.11.31

>> දුම්රිය අංක 1032

මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්වීම
ප.ව.04.55

කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවීම
රාත්‍රී 07.30

සැළකිය යුතුයි..

* පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

* දුම්රිය ආසන මත දෙපා තබාගෙන යාමෙන් වැළකී සිටින්න.

* දුම්රිය තුල ඔබ ගන්නා ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය දුම්රිය මාර්ගය වෙත බැහැර නොකර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

* ඔබගේ ගමන්මලු පිළිබඳව අවධානයෙන් පසුවන්න.

* ඡායාරූප ලබා ගැනීමේ දී තමාගේ හා අන්‍යයන්ගේ ජීවීතාරක්ෂාව අවදානමකට ලක් නොවන බවට සුපරීක්ෂාකාරීවන්න

#SLR #RDMNS #SpecialTrainUpdate #SchoolVacation #Kandy
2019-12-17

single