Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | අගෝස්තු පාසල් නිවාඩු සමය

අගෝස්තු මස පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කීපයක් ධාවනයට එකතු කරන ලද අතර එහි මගී තදබදය අවම කිරීමට තවත් එක් දුම්රියක් ධාවනයට එක් කර තිබේ.

මෙම විශේෂ දුම්රිය අගෝස්තු මස 09 සිට 14 දක්වා ධාවනය වන අතර කොළඹ කොටුවෙන් රාත්‍රී 07.20 ට ගමන් ආරම්භ කර පසුදින අලුයම 04.43 ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

එමෙන්ම රාත්‍රී 08.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ වන දුම්රිය පසුදින අලුයම 05.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

මෙම දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් දැනගැනීම සඳහා අප ෆේස්බුක් සමූහයේ / පිටුවේ පල කර ඇති පොස්ටුවට කමෙන්ට් කිරීම මගින් හෝ, news@rdmns.lk ඊ-මේල් ලිපිනය වෙත යොමු කිරීමෙන් ලබාගත හැක.

සැලකිය යුතුයි >>

* දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් මගීන් එසේ කිරීමෙන් වැළකී සිටින්න

* දුම්රියේ දොරවල් අසල අවහිර නොවී ඉඩකඩ කළමනාකරණය කරගැනීමට සහය වන්න

* ඔබ විසින් ගන්නා ආහාර පාන දුම්රිය අපිරිසිදු නොවන අයුරින් ලබාගැනීමට කාරුණික වන්න.

* ඔබ සතු කසල දුම්රිය මාර්ගය වෙත බැහැර කිරීමෙන් වැළකී සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමට දායක වන්න

#SLR #RDMNS #SpecialTrains #AugustVacation #STN

single