Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය 2019

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත. ඒ අනුව,

අගෝස්තු මස 10 සිට 15 දක්වා

මෙම විශේෂ දුම්රියන් ධාවනය වන අතර එහි වේලාවන් ඉහත පරිදි වේ.

මෙම දුම්රියන් නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය දුම්රිය සහ දුම්රිය ස්ථානය අප ෆේස්බුක් සමූහයේ / පිටුවේ පල කර ඇති පොස්ටුවට කමෙන්ට් කිරීම මගින් හෝ,

news@rdmns.lk

ඊ-මේල් ලිපිනය වෙත යොමු කිරීමෙන් ලබාගත හැක.

>> විශේෂ –

— සෙනසුරාදා / ඉරිදා සහ නිවාඩු දිනයන් හිදී පෙ.ව.09.00 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන සහ ප.ව.04.55 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය අංක 1031/1032 දරන නගරාන්තර සීග්රඝාමී දුම්රියද අගෝස්තු මස 10 සිට 15 දක්වා ධාවනය කරවීම සඳහා කටයුතු යොදා ඇත.

— 10-14 දින දක්වා මාතලේ සිට රාත්‍රී 08.45 ට ගමන් ආරම්භ කරන දුම්රිය නවත්වන්නේ මාතලේ සහ මහනුවර දුම්රිය ස්ථාන වල පමණයි.

සැලකිය යුතුයි >>

* දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අනතුරු දායක බැවින් මගීන් එසේ කිරීමෙන් වැළකී සිටින්න

* දුම්රියේ දොරවල් අසල අවහිර නොවී ඉඩකඩ කළමනාකරණය කරගැනීමට සහය වන්න

* ඔබ විසින් ගන්නා ආහාර පාන දුම්රිය අපිරිසිදු නොවන අයුරින් ලබාගැනීමට කාරුණික වන්න

* ඔබ සතු කසල දුම්රිය මාර්ගය වෙත බැහැර කිරීමෙන් වැළකී සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමට දායක වන්න

මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න.
මෙවැනි දුම්රිය ධාවන තොරතුරු සඳහා අපගේ පිටුව ලයික් කර එකතු වන්න..

RDMNS වෙනුවෙන් සැකසුම – Lahiru Thenuwara / Asanga Keppetipola
#RDMNS #SLR #SpecialTrains #KandyPerahara #STN

single