Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ,

ඒ අනුව 2019.08.01 දින සිට

දිනපතා මරදාන සිට මාතර දක්වා ධාවනය වන රුහුණු කුමාරි (අංක 8058 දරණ) සීඝ්‍රගාමී දුම්රිය හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ.

සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා දින) මරදාන සිට පෙ.ව.06.05 මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය සහ මාතර සිට ප.ව.04.00 ට මරදාන දක්වා ධාවනය වන අංක 8061 දරණ සීඝ්‍රගාමී දුම්රිය හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ.

තවද, සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා දින) මරදාන සිට පෙ.ව.06.05 මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය අහංගම දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කෙරෙනු ඇත.

2019-07-20
#rdmns #NewsUpdate

single