Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය…

සුරකිමු දුම්රිය සංවිධානයේ මීළඟ ශ්‍රමදානමය ව්‍යාපාරය මෙම මස 07 වන ඉරු දින (හෙට) පෙරවරු 8.00 සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට සංවිධානය කොට ඇත.

එයට සමගාමීව නිදහස් පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය කිරීමක්ද සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා සිදු කරන පත පොත පරිත්‍යාගයන් එම දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට හෝ දෙවන වේදිකා පරිශ්‍රයේ ඇති මෙහෙයුම් කාර්යාලයට ලබා දිය හැක. සාමාජික ඔබගේ පත පොත පරිත්‍යාගයන් අගය කොට සලකමු.

#SurakimuDumriya #RDMNS

single