Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා…

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට මාස 3 ක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි.
දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4 ක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.
මාර්ගය වසා දමා ඇති කාලය තුළ මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Source – NewsFirstLK

single