Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ඇඳිරි නීතිය හමුවේ දුම්රිය ධාවනයට පියවර !

–UPDATE 01.45 PM

පවතින ඇඳිරිනීතිය හමුවේ කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත.
කෙසේ නමුත් කොළඹ කොටුව සිට වෙනත් ගමනාන්ත බළා ක්‍රියාත්මක වන දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මෙම තත්වය විටින් විට වෙනස් වන බැවින් යාවත්කාලින තොරතුරු සඳහා රැදී සිටින්න.

කෙසේ වෙතත් මෙම ඇඳිරිනීති තත්ත්වයේ වෙනසක් සිදු නොවුන හොත් සහ සවස් කාලයේ ඇතිවිය හැකි තත්ත්වයන් මත ප.ව. 06/00 න් පසු දුම්රිය ධාවනය අඩාල වීමක් සිදු උවහොත් මගී ඔබ අපහසුතාවට පත් වීමට ඉඩ ඇත.

ඒ නිසා අද දින රැකියාවට සහ දෛනික කටයුතු සදහා දුම්රිය භාවිතා කරන ඔබ ඒ පිලිබඳව සැලකිලිමත් වන්න.

දුම්රිය අවලංගු වීම් හෝ ප්‍රමාද වන දුම්රිය සේවා සහ වෙනත් යාවත්කාලීනයන් ඉදිරියේදී දැනුවත් කෙරෙනු ඇත.

2022.07.13
#RDMNS #NewsFeed

single