Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS News

දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2021/11/09 දින සිට නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ මේ වන විට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමට සේවක කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව නැවත මෙම දුම්රිය සේවා ධාවනයට එක් කෙරේ. #RDMNS

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර රඹුක්කන සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. 2021/11/09 #RDMNS #NewsUpdate

දුම්රිය ධාවනය යලි ඇරඹේ

ඔක්තෝම්බර් 25 දින සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් කර ඇත. සවිස්තරාත්මක තොරතුරු බලාපොරොත්තු වන්න. 2021.10.22 #RDMNS #NewsFeed

නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවේ

2021/10/21 දින සිට දුම්රිය ධාවනය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණද, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් මගී දුම්රිය ධාවනය තවදුරටත් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු. #RDMNS #NewsUpdate 2021/10/21

ඔක්තෝබර් 21 දින තෙක් කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ.

ඔක්තෝබර් 21 වන දින පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මගී දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත. ඒ හේතුවෙන් දැනට 21 දින තෙක් කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න. #RDMNS #NewsFeed 2021/10/14

15 වැනිදා දුම්රිය ධාවනය පිලිබඳ අවසන් තීරණය මේ සතියේ

15 වන දින සිට නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීම සඳහා වන අවසන් තීරණය මේ සතියේ … දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා වන අවසරය මෙම සතියේ දී පැවැත්වීමට නියමිත කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කිරීමට නියමිත අතර එම අවසරය ලැබුණු පසු දුම්රිය ධාවනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික

දුම්රිය ධාවනය සඳහා දෙපාර්තමේන්තුව සූදානම් !

දුම්රිය ධාවනය සඳහා දෙපාර්තමේන්තුව සූදානම් ! ධාවනය නොකිරීමට හේතුව රජයෙන් ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයි – දුම්රිය සාමාන්‍යාධිකාරී ඔක්තෝබර් මස පළමුවන දා (01) සිට රට විවෘත කිරීමෙන් අනතුරුව කාර්යාල මගීන්ගේ පහසුව සඳහා දුම්රිය ගමන් වාර 108 ක් පමණ ධාවනය කිරීමට කටයුතු යොදා තිබූ අතර රජය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් එම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට

දුම්රිය ධාවනය සති දෙකකින් කල් යයි

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 ඉවත් කළද තවදුරටත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමටද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. #RDMNS #NewsFeed