දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු නැවතත් ඉහලට
දුම්රිය ආසන වෙන්කිරීමේ ගාස්තු 2022/08/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේතුව තීරණය කොට ඇත. #RDMNS #NewsFeed 2022.07.29
දුම්රිය ආසන වෙන්කිරීමේ ගාස්තු 2022/08/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේතුව තීරණය කොට ඇත. #RDMNS #NewsFeed 2022.07.29
රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් හට කොවිඩ් ආසාධනය වේ. රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගැනීමෙන් අනතුරුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බවට දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි. දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ගමන් පහසුකම් සලසා …
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු නැවතත් ආරම්භ කර ඇත. Note – නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ක්‍රියාත්මක වේ. 2022.07.24 06.00 PM
දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් 2022.07.23 දින ප.ව.06/00 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම දුම්රිය ස්ථාන තුළින් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියි. එමෙන්ම දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සාමාන්‍ය …
මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් වූ කාලය නැවත දින 14 ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට යෝජිත දින සිට දින 14 කට පෙර සිදු කරගැනීමට 2022.07.21 දින සිට හැකියාව …
මුහුදු ඛාදනය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට බලපෑම් එල්ල වී ඇත. එම ස්ථානය ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන් ප්‍රවේශමෙන් ධාවනය කරන අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙය පිළිසකර කිරීම සඳහා කටයුතු මේ වන විට සිදු කරමින් පවති. #RDMNS #NewsFeed #RailTrack 2022.07.18
අද දින (14) දහවල් 12/00 සිට හෙට පෙ.ව. 05/00 දක්වා ක්‍රියාත්මක ඇඳිරි නිතිය හේතුවෙන් අද දින දහවල් 12/00 සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය වන සියලු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. කොළඹ කොටුව සහ මරදාන සිට වෙනත් ගමනාන්ත කරා ධාවනය වන දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර …
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයට පියවර දිවයිනටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය හෙට (14) උදෑසන 05.00 ට ඉවත් කිරීමෙන් පසු එම වෙලාවේ සිට හෙට දිනයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කෙරෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. කෙසේ වෙතත් දුම්රිය අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බැවින් සජීවී තොරතුරු සඳහා RDMNS.LK Mobile App එක භාවිතා …
–UPDATE 01.45 PM පවතින ඇඳිරිනීතිය හමුවේ කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. කෙසේ නමුත් කොළඹ කොටුව සිට වෙනත් ගමනාන්ත බළා ක්‍රියාත්මක වන දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මෙම තත්වය විටින් විට වෙනස් වන බැවින් යාවත්කාලින තොරතුරු සඳහා රැදී සිටින්න. කෙසේ වෙතත් මෙම ඇඳිරිනීති තත්ත්වයේ …
2022.07.12 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොවේ. එය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. 2022.07.12 #RDMNS #NewsFeed