Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මුහුදුබඩ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

—-UPDATE 2022/10/13 (හෙට) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනෙහි සංශෝධනය තාවකාලිකව කල් දමා ඇත. එය ක්‍රියාත්මක වන දිනය පිලිබඳව තොරතුරු ලැබුණු පසු සමූහය ඔස්සේ දැනුවත් කෙරෙනු ඇත.

test

කොළඹ කොටුව – අනුරාධපුරය නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවයක්

2022/10/08 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කරගත යුතු වේ! #RDMNS #NewsFeed 2022.10.07

test

කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නැවතේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පාලමක් අලුත්වැඩියා කිරීම සඳහා 2022/10/07 දින රාත්‍රී 08/30 සිට 2022/10/10 දින පෙ.ව. 06/00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත් හිටුවා ඇත. එම දිනවලදී දුම්රිය ධාවනය ඉහත සඳහන් සංශෝධනයන්ට යටත් ව සිදුවේ.

test

කොළඹ – මහනුවර අතර නගරාන්තර දුම්රිය සේවයක් ඇරඹේ !

2022/10/01 දින සිට සෑම සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනකම කොළඹ කොටුව සිට මහනුවර අතර ඉහත සදහන් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

test

එළඹෙන දීර්ඝ සති අන්තයේ බදුල්ලට අතිරේක දුම්රියක්

සැප්තැම්බර් 17, 18 සහ 19 දීර්ඝ සති අන්තය හේතුවෙන් ඇති වන මගී තදබදය අවම කීරීම සඳහා කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල අතර පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. 2022.09.16 #RDMNS #NewsFeed

test

Ella Odyssey දිනපතා ධාවනයට

අධික මගී ඉල්ලුම හමුවේ Ella Odyssey සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2022.09.19 දින සිට දිනපතා ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS

test test

බදුල්ල සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය නැවතත් !

S12 වර්ගයේ බලවේග කට්ට්ලයක් සමගින් ධාවනය වූ කො.කොටුවෙන් රාත්‍රී 07/25 (1047) සහ බදුල්ලෙන් ප.ව. 06/05 (1048) රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් ධාවනයෙන් ඉවත් කොට සුපුරුදු රුමේනියානු මැදිරි 12 ක් සමග ධාවනය වන බදුල්ල සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය (අංක 1045/1046) 2022.09.10 දින සිට නැවත ධාවනයට එක් කර ඇත. #RDMNS #NewsUpdate 2022.09.11

test

ELLA ODYSSEY කාලසටහන සංශෝධනය කෙරේ !

Ella Odyssey සංචාරක දුම්රියේ දුම්රිය කාලසටහන සහ ධාවනය වන දිනයන් සංශෝධනය කොට ඇත. ඒ අනුව යාවත්කාලින දුම්රිය කාලසටහන සහ තොරතුරු ඉහත පරිදි වේ. #RDMNS 2022.09.11

test

ආසන වෙන් කිරීමේ හැකියාව දින 30 දක්වා නැවත වැඩි කෙරේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් සහ පසුව 14 ක්ද ලෙස සිදු වූ වෙනස් වීම නැවතත් මහජන ඉල්ලීම් සලකා පෙර පරිදි මාසයක (දින 30) ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට

test